Wednesday, October 21, 2015

ආදරය සහ විවාහය !





මම ඔයාට හරිම කැමතියි.
අර මොකෝ ?
ඔයත් එක්ක ඉද්දි හිත සැහැල්ලුයි.
සිරාවට..
ඔව්. ඇයි ඔයාට එහෙම නැද්ද?
නෑ නෑ මටත් එහෙම තමයි.


මම ඔයාට ආදරෙයි !
මොකක් කිවුවා ??
නෑ මේ මම ඔයාට ආදරෙයි කිවුවා...
ඉතිං..
ඔයා මට ආදරේ නැද්ද.....
ඒක ගැන පස්සේ වෙලාවක හිතලා බලන්න ඕනි.



අපි බඳිමු ද..........
මොකක් ???
ඇයි දැන් ඔයා කලින් කිවුවේ මට ආදරෙයි කියලා...





ඉතිං ඒ වුණාට මම බඳින්න ඕනි කිවුවේ නැහැ නේ !







නුඹට නොව මතකයට ලියන කවි !




නුඹට නොව
නුඹේ මතකයට
පමණක් ම 
ආදරය කරන්නට
පටන් ගත් දා
වටහා ගතිමි 
මම

 
යළිත් නම්
කිසිදිනෙක 
නොලියැවෙන වගට
මා අතින්



නුඹට කවි.............!
_____________________________________________
Feeling "එදා මට ඔබ සරා සඳ විය.. මෙදා මට ඔබ සැබෑ සඳමය.."




Monday, October 19, 2015

The Seventh Kiss !




මම ද පළවෙනියා ?
ඒ මොකෝ එහෙම අහන්නේ......
නෑ නිකං...... ඇත්තටම මම කීවෙනියද ??
ඔයා මම කොහොම කෙනෙක් කියලද හිතාගෙන ඉන්නේ ආ.....
හරි හරි ඉතිං.....
මොකෝ.........
නෑ මේ මම කල්පනා කලේ මම පළවෙනියා නම් වෙන්න බැහැ කියලා....
අර මොකෝ......
මට හිතුන, නිකමට වගේ.....
සිරියස්ලි........
ඔව්. ඇයි මම කිවෙනියද ඇත්තටම.......???
ඕවා ඕනි නැහැ අනේ.....
ඔයා දන්නවනේ මම එහෙම දේවල් ගැන ලොකුවට කෙයාර් කරන්නේ නැහැ කියලා....
හ්ම්ම්ම්ම්.......
නිකං දැනගන්න ඇහුවේ.....
දැන් ඉතිං ඕක දැනගන්නම ඕනි ද.....
කියන්න බැරිනම් එපා ඉතිං. මම ආයේ අහන්නේ නැහැ.
දැන් ඔය තරහද....
නෑ.
දන්නවද ඔයා කිවෙනියද කියලා....
නෑ.
කියන්නද එහෙනම්.....
මට ඕනි නැහැ.



ඔයා ද.........








ඔයා තමයි හත් වෙනියා.


The lucky SEVEN !







Sunday, October 11, 2015

වසත් සුළඟ වන්නද මම නුඹ හට.........




මද සුළඟක් වී දසත හමන්නට 
රොන්සුණු තවරා ගත දැවටෙන්නට
සිහිනයක් දුටිමි තනිය මකන්නට    
වසන්ත සමයක, පෙර දී කලකට 

සුළි සුළඟක් වී සැඩව හමන්නට 
ලෝකය උඩු යටිකුරු කරලන්නට 
කාටත් පල නැති වාසුළි වන්නට 
වසන්තයේ අග, සිතක් සිතුණි මට 

පළමුව මදනල වාසුළි වන්නට 
තවත් වතාවක් සිතා බලන්නට 
මල් උයනේ සිරි අසිරි විඳින්නට 
රහසක් කිවේ, සමනලයෙකු මට 

දහසක් මල් පෙති ලොව පුබුදන්නට 
සහසක් රොන්සුණු ගත දවටන්නට 
ගත දැවටී වත සෙමෙන් සිඹින්නට 
වසත් සුළඟ වන්නද මම නුඹ හට.........


නොබැඳී බැඳෙනු වස්.........




බැඳී නොබැඳෙන
දහසක් අතර
නොබැඳි බැඳෙන්නට
සිත පතන අපූරුව !



මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න !



සිහිනයක් ඇත මට
නිරතුරුව සිත දකින
ඉටු වුවත් නොවූවත්
සිත අතැර නොම යන

සිහිනයක් ඇත මට
මගේ සිත සැනසෙන
එහෙත් එය කිසිදින
මගේ නිවස සනසනු නැත

සිහිනයක් ඇත මට
අතැර යන්නට සැමදෙන
පියඹ යන්නට ඈතට
සොයාගන්නට මගෙ ලොව

සිහිනයක් ඇත මට
සැම දිනෙක සැමවිටක සිත දකින
එය සිහිනයක් නොවන්නට
කූඩුවේ දොර හරිනු මැන මට..... 



නුඹ සහ මම




නිසල සිතුවිලි කළඹවා නුඹ
සිතට ගෙන ආ කල්පනා
දිනෙන් දින සිත පතුලටම විත්
මටත් නොදැනී සිරවුණා

සිතුවිලිත් නැත නුඹත් ළඟ නැත
මතක පමණක් හිමිවුණා
එදා හුන් තැන මමත් අද නැත
කවිය පමණක් ලියවුණා.