සේයා (Shadows)
ඉරක් තිතක් නැති ජීවිතයක නිදහසේ හැඩතලය.....
Monday, September 16, 2013
වහල්ලු
මහ හඬින් නද දෙමින්
වරින්වර දඟලමින්
ඇමතුමක් ආ විගස
නොසඟවා පවසමින්
කෝප ගත්විට මගේ
අතින් බිම විසිවෙමින්
යළි යළිත් උණුහුමට
මා අතට ගුලිවෙමින්
දුක සතුට විශ්මයත්
තනිකමත් එක ලෙසින්
බෙදාගන්නට නොහැක
ඔබ නොමැති නම් ඉතිං.........
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment