කාලෙකට
කලින් අපේ අම්මා ඉස්කෝලේ ගිහින් එනකන් වගේම රස්සාවක් හම්බ උනාම වැඩ ඇරිලා ගෙදර
එනකනුත් ආච්චි අම්මා කඩුල්ල ලගට වෙලා බලා හිටියලු... ඇත්ත... ඒ කාලේ අද වගේ තාක්ෂණේ
දියුණු නෑ තමා.... ළමයා ගෙදරට එනකං ම අතරමගදී මොනවා වුනාද කියලා දැනගන්න විදියක්
නෑ තමා.... ආච්චි අම්මගේ හිතේ මොන තරම් බයක් තිබුනද කියලා මට තේරෙන්නේ දැනුයි....
දැන්
තාක්ෂණේ දියුණුයි කියනවා..... Mobile phones හැමෝම අතේ තියෙනවා.... ඒත් තාමත් අපේ
අම්මල අපි එනකං පාර බලාගෙන ඉන්නවා....බස් එකට නැග්ග වෙලේ ඉඳන් පැයෙන් පැයට call
කරනවා.... බෝඩිමට ඇවිත් දවස් දෙකක් ගෙවෙන කොට අහනවා අයෙත් ගෙදර එන්නේ කවදද කියලා.....
අපි අයෙත් ගෙදර එනකං දවස් ගනිනවා....
කාලේ
ටිකින් ටික ගෙවිල යනවා... අපිත් දවසක අම්මලා වේවි... අපිත් අපේ දරුවෝ එනකං මග බලා
ඉඳීවි. තාක්ෂණේ මොන තරම් දියුණු වුණත් අපේ දරුවෝ ගැන අපිත් වද වේවි....
රැජිනක්
වුණත් අහිකුණ්ටික ගැහැනියක් වුණත් මේ බලා හිඳීමේ වෙනසක් නෑ..... එදත් එහෙමයි....
අදත් එහෙමයි.... හෙටත් මේකේ වෙනසක් වෙන එකක් නැහැ.....
ඉතිං
එහෙම නම්......
මේ
බලා හිඳීම අවසන් වෙන්නේ කවදද.....
No comments:
Post a Comment