Friday, June 3, 2016

Love and Life !


Do you see me...? Yes.
Do you feel me...? Yes.
Do you like me...? Yes. 

Do you love me....? I'm not sure.





Darkness and Emptiness..



Those were the most prominent words in my life till I found someone who proved that those are just two words in the dictionary. 

Love and Caring... 

Those were the words which grabbed my attention at the next time.

and then I understood that,

The word has no meaning without a feeling !



Am I in LOVE ?




When I see the sky, I see the bright sun on it.. 
When I see the earth, I see the fresh flowers on it..
When I see the people, I see the smiling faces of them..
When I see the mirror, I see the blushing face of mine....



සඳ සාවුන් ළඟ.......




ජිවිතේ කියන්නේ වන්දනාවක් ද නැත්නම් විනෝද ගමනක් ද කියලා මට හැමදාමත් හිතෙනවා... එහෙමත් නැත්නම් ඒ දෙකම ටික ටික තියෙන සංචාරයක් වෙන්න ඇති කියලා අන්තිමේදී මම හිතා ගන්නවා. 

ඒ සංචාරය ඇතුලේ අපිට මුණ ගැහෙන්නේ කවුද.... අපෙන් ඈත් වෙලා යන්නේ කවුද... කියන දේ කාලය විසින් තීරණය කරනවා ඇති. මගේ සංචාරයේදී මට හම්බ වුන මිනිස්සු අතරේ විශේෂිත අය කීපදෙනෙක් ඉඳලත් තියෙනවා. අදටත් ඉන්නවා. ජිවිතේ කියාදුන්නු අය.... ආදරේ කියාදුන්නු අය... ආදරේ එපා කරපු අය.... වගේම කවදාවත් එපා නොවේවි කියලා මම හිතාගෙන ඉන්න අය........ 

නුඹ.......... එයින් එක්කෙනෙක් !

අයිස් වෙලා තිබුණු හිතක් උණුසුම් කරපු... මලානික වෙලා තිබුණු හදවතක ගැස්ම වේගවත් කරපු.... හිනාවක් ඕනි නැති වෙලාවටත් මාව හිනාවෙන් පුරවපු.... නුඹ මගේ දෙවෙනි ඇරඹුම. 

හිස්තැනක් නැතිවෙන්නම කියන තොරතෝංචියක් නැති මගේ කතා අහගෙන ඉන්නවට.... 
අවුරුදු දහයකටවත් ආයේ කතා කරන්නේ නැහැ කියලා තරහා වෙලා ඉද්දී ආයෙමත් මාව කතාවට ඇදලා ගන්නවට.... 'හිනස්සවන්න එපා අයියෝ' කියද්දීත් කියන දේවල් වලින් මගේ හිනාව නොනවතින කොට.... ජිවිතේ පිරිලා කියන හැඟීම විතරයි හිතට දැනෙන්නේ.... 

ඔව්. 'මට කිසිකෙනෙක් ගැන ජෙලස් හිතෙන්නේ නැහැ' කියලා මම නිතරම ආඩම්බරෙන් කියන වචන ටික "අනේ මට ජෙලස්" කියලා වෙනස් වුනේ නුඹ නිසා..... මම ඉන්නේ grown up ස්ටේජ් එකේ කියලා හිතාගෙන හිටිය සිතුවිල්ල අනේ මම තාම childish කියලා වෙනස් වුනේ නුඹ නිසා..... 

ආදරෙයි කියලා මම කියන්නේ නැහැ. 
එහෙම කියලා පලක් නැති නිසා.

කොහොමටත් මේ ෆැන්ටසියට ආදරේ කරන්නේ මම විතරයි කියලා මම දන්නවා. නුඹ දුර දකින නිසාම මට වඩා.. සිහිනයත් යතාර්තයත් අතර වෙනස මටත් නොපෙනෙනවා නෙමෙයි.

ඒත් ඉතින්.... ආදරේ විඳින්නේ නුඹ නිසා.... ආදරේ දැනෙන්නේ නුඹ නිසා.... ආදරේට ආදරේ කරන්නේ නුඹ නිසා.... 

ඒ වගේම ඒ ආදරේට වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා දැනෙන්නෙත් නුඹ නිසා...... 

මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට හැඟෙනවා ආදරේ......

නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා 
මට ආදරේ හැඟෙනවා 
මට ආදරේ හැඟෙනවා......

මල් සුවඳ තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා
මට ආදරේ දැනෙනවා.........

Singer: Saman Nishantha
Lyrics: Upul Shantha Sannasgala
Music: Ranga Dasanayake





~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 02



මේකේ පලවෙනි කොටස කියවන්න ඕනි නම් සටහන අවසානේ තියෙන ලින්ක් එකෙන් යන්න පුළුවන් ඔන්න. 

# ලයනල් වෙන්ඩ්ට් එකේ වේදිකා නාට්ය බලන්න.

මේකේ මම හොයලා බලපු හැම වේදිකා නාට්යම වගේ පෙන්නුවේ හවස 7 ට. ඉතිං දුරක ඉඳන් ගිහිල්ලා ඒක බලලා ආයෙමත් රෑ ට එන එක ප්රායෝගික නැති නිසා මම අදහස අතඇරලා දාලා හිටියේ. එහෙම තියෙද්දී තමයි “දොළහක්” එකේ අවසන් දර්ශනය දෙසැම්බර් වල දී ඒකෙ තියෙනවා කියන ආරංචිය ආවේ. යන්නත් ඕනි. යන්නත් බෑ. හිතේ දුකෙන් ඉන්නකොට යාන්තන් ට්රාන්ස්පොටර් කෙනෙක් සෙට් වුනා. මාවයි මා එක්කලා ආව අනිත් කෙල්ලවයි බෝඩින් වලට ඇරලවන්න. ඉතිං තව මොනාද..... පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් ඒක බලලා ආවා.

ඊළඟ හීනේ නාමෙල් මාලිනි එකේ ඩ්රාමා එකක් බලන්න. හැබැයි තාම සෙට් වුනේ නැහැ.


# විදී ලාම්පු එළියෙන් ඈතට ඈතට ඇවිදගෙන ගිහින් නිදහස් තැනකට වෙලා රෑ අහසේ තරු දිහා බලා ඉන්න.

මමයි මගේ යාළුවයි රාජිත දිසානායකගේ ‘ආපසු හැරෙන්න බෑ’ කියන ඩ්රාමා එක බලපු දවසේ ලයනල් වෙන්ඩ්ට් එකෙන් එළියට ඇවිත් බස් එකට නගින්න යද්දී වටාපිටාවේ තිබ්බ එළිය ඇත්තටම අපි දෙන්නට බල කලේ ඇවිදින්න... ‘ඇවිදින්න නම් නියම දවස’ දෙන්නටම එහෙම හිතුනේ ඒ නිසා වෙන්න ඇති. ‘අයියටත් එන්න කියමුද ඔන්න ඔහේ... නැත්නම් ඉරිසියාවේ පැලෙයි’ රූමි මට කියද්දී දෙන්නටම හිනා. අන්තිමේ යාළුවගේ අයියවත් ගෙන්නගෙන අපි රෑටත් කාලා ඔහේ ඇවිදගෙන ඇවිදගෙන ගියා....

නිදහස් චතුරශ්රෙට ගිහින් තියෙනවද මහ රෑ 12 ට විතර..... රෑ වෙන්න වෙන්න පුදුම නිදහස් තැනක්... අනාරක්ෂිතයි කියලා කියන්නත් බැහැ. අපි පාන්දර 2 වෙද්දීත් එතන... ගල් පොළොවේ නිදාගෙන අහසේ තරු දිහා බලාගෙන පැය ගානක් කියෝ කියෝ ඉඳලා ඒ හීනෙත් හැබෑ වුනා අන්තිමේදී....


පළවෙනි කොටස මෙතනින්



~~~ සැබෑ වුණු මගේ සිහින ~~~ 01


සැබෑ වුනු සිහින තියෙනවද.... ජිවිතේ කවදාහරි දවසක මේ දේ ඉටු කරගන්නවමයි කියලා හිතපු දේවල් වගේම... අනේ මෙහෙම වුනා නම් කියලා දැකපු සිහින සැබෑ වෙලා තියෙනවද.... 

නැති දේවල් වලට අඬන එක නවත්තලා දවසක්දා මම කල්පනා කළා.... මට මතක් වුනු දේවල් වලින් ඇත්තටම මම පුදුම වුනා.... සමහරවිට මම දැකපු හීන, මගේ වයසේ සමහර කෙල්ලෝ දකින ඒවට වඩා වෙනස් ඇති.... එහෙමත් නැත්නම් මේවා හැමෝම දකින බොහොම සාමාන්ය හීන වෙන්නත් ඇති.... 

ඉතිං එහෙනම්..... මේ තියෙන්නේ... මගේ සැබෑ වුණු සිහින ගොඩෙන් කීපයක්.....

# තට්ටු දෙකේ ගෙදරක උඩ තට්ටුවේ බැල්කනියට වෙලා ඉන්න.

ගෙදරින් පිට හිටපු අවුරුදු හය හමාරෙන් තුනහමාරක්ම මම හිටියේ තට්ටු දෙකේ ගෙදරක තිබ්බ බෝඩිමක උඩ තට්ටුවේ.... මුළු ගෙදරම හිටියේ බෝඩර්ස්ලා... කෙල්ලෝ 20 ක්. ලයිට් ගියාම අපි සිංදු කියනවා... කරන්ට් එක තියෙන දවසටත් ලයිට් ඕෆ් කරලා කට්ටිය සෙට් වෙලා බිම ඉඳගෙන පුටුවක් උඩ ලැප්ටොප් එකක් තියාගෙන ෆිල්ම් බලනවා.

එතකොට බැල්කනිය.... අපි හැමෝම මල් කැඩුවේ එතනට වෙලා... එක එක්කෙනා එක එක තැන... එක එක වෙලාවට.... කියෝ කියෝ ඇවිදිනකොට සමහර වෙලාවට පයේ හැපෙනවා වාඩි වෙලා ඉන්න එවුන්. ඉර බැහැගෙන යන වෙලාවට අහසේ මැවෙන වලාකුළු රටා දිහා බලාගෙන කතන්දර ගොතපු හැන්දෑවල් වගේම අහස දිහා බලාගෙන තරු ගැන්න රැයවල් අපිට ඕනි තරම් තිබිලා තියෙනවා... සමහරදාට බැල්කනියේ පුටු තියාගෙන සිංදු කියපු අපි සෙට් එක තවත් සමහරදාට එහා පැත්තේ බෝයිස් හොස්ටල් එකේ එවුන් සිංදු කියනවා බැල්කනියට වෙලා අහගෙන ඉඳලත් තියෙනවා.... හැබැයි ඉතිං උදේ හවා පඩිපෙළ නැගලා බැහැලා අවුරුදු තුනක් යද්දී හීනේ ඇති වුනා.... 

# යන්නේ කොහෙද කියලා නොදැන ඇවිදගෙන යන්න.

හවස් වරුවට ඇවිදින්න මම එදා ඉඳන්ම ආසයි. දෙයියනේ කියල මට හම්බුනා මටත් වඩා ඒකට ආසා කරපු කෙල්ලක් හොඳම යාලුවෙක් විදියට. ඉතිං අපේ ඉන්ටර්න්ෂිප් කාලේ මාසෙකට දවසක් වත් මම ඔෆිස් ඇරිලා යාළුවගේ ඔෆිස් එකට යනවා. අපිට ඉවර වෙන්නේ 4.15 ට. එයාලට 5 ට. ඉතිං එයාගේ වැඩ ඉවර වුනාම අපි දෙන්නා අපි දෙන්නට හිතුනු පැත්තකට යනවා. ගොඩක් දාට ඉතිං මේ ගමන යැවෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ නැත්නම් ගාලු පාරේ තමයි. හිතෙන තැනකින් රෑට කාලා ඇතියි කියලා හිතුනම බෝඩින් වලට යනවා. කොහොමත් රෑ 9 වෙද්දී නම් බෝඩිමට යැවෙනවා. ඒ ගමන් මතක් වෙනකොට අදටත් සිහි වෙන්නේ මෙන්න මේ සින්දුව තමා...

අත්වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද
පුංචි ළදැරියන් වගේ සුරතලෙන්
අපි හිනැහුණු ඒ කාලය මතකද.......


To be continued.

උපන්දින සුබ පැතුම්.....



හලෝ ඉර !

කියන්න කිසිම දෙයක් මතක් වෙන්නේ නැතත් මොනවත් නොලියා ඉන්න හිතෙන්නේ නැහැ උපන් දිනේ මතක් වෙද්දී. 

ඔන්න එහෙනම් නොවැම්බර් 09 වෙනිදාවක උපන් පින්වත් කුල කුමරුවාගේ නමට පළවෙනි වතාවට වගේම අන්තිම වතාවටත් මගේ අතින් උපන් දින සුබ පැතුමක් ලියවෙනවා. ඔව්. දැක්ක ගමන් හිතාගන්න බැරි වුණත් මම මෙහෙම දෙයක් කරාවි කියලා මේ ලියන්නේ ඔයාට තමයි කොල්ලෝ. 

අපි අඳුර ගත්තේ මීට අවුරුදු හතරකට කලින්. නිකං ඉන්න බැරුවට ඉලක්කම් ටිකක් චැට් එකේ ටයිප් කරපු කරුමෙට... නැද්ද හා... ඒ ඉලක්කම් ටික ගිය දුර අන්තිමේදී.... කොහොම වුනත් සෙට් වෙලා පළවෙනි පැයෙන් ම ෆිට් වෙච්ච දෙන්නෙක් අපි. එදා ඉඳන් අද වෙනකල්ම වෙනසක් නැතුව පිස්සෝ වගේ හිනාවුණු දෙන්නෙක් අපි.

අවුරුදු තුනක් ගතවෙද්දී අපි දෙන්නා වර්ස්ට් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා වෙලා මගේ ඒක පාර්ශ්වීය කුළුඳුල් ප්‍රේමය බවට ඔයා පත්වුණේ නම් පූරුවේ කරුමෙකට හලෝ....

ඔයාට වැඩක් වුනෙත් නැහැ. මට වැඩක් වුනෙත් නැහැ. මොකද මම ඔයාට ප්‍රේම කරද්දී ඔයා වෙන කෙල්ලෙක්ට ප්‍රේමය පුද දී අවසානයි නේ..... ඒකෙන් වෙච්ච එකම වැඩේ මම ලියන්න පටන් ගත්ත එක විතරයි. කෙටිකතා, නවකතා, කවි, නිසදැස්... ඔක්කොම ලියන්න ගත්තේ ඒ කුළුඳුල් ප්‍රේමය නමින් නේ....

අපි තරහා වුනා... අපි රණ්ඩු කළා.... අපි ආයෙමත් යාළු වුණා..... මොකද අපි අපිව තේරුම් ගත්ත නිසා. අපේ අතීතය, අපේ වර්තමානය, අපේ අනාගතය එක්ක අපේ සම්බන්ධතාවය රැඳෙන්න ඕනි විදිය අපි තේරුම් ගත්ත නිසා....


මම ආදරේ කළා, මගේ ආදරේ අහිමිවුනා, මම කඩා වැටුණා, මම ආයෙම නැගිට්ටා..... කොහොම වුනත් තවත් අවුරුද්දක් ගෙවිලා ඉවර වෙද්දී ආයෙමත් වතාවක් තව කෙනෙක්ට හිත පිරෙන්න ආදරේ කරන්න මට දැන් පුළුවන්. බොහොම සැහැල්ලුවෙන්. ආදරණීය විදියට.... මේ වෙද්දී පොඩ්ඩක් පණ්ඩිත වුනත් ඉස්සර තිබුණු දඟකාර මුඩ් එක ආයෙමත් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ දැන්....

මං හිතන්නේ මගේ ඒ සිතුවිල්ල තමයි මේ වතාවේ මට ඔයාට දෙන්න පුළුවන් තිළිණය! මොකද මම දන්නවා මම ඉස්සර වගේ හිනා වෙලා ඉන්නේ නැති එකට ඔයා සෑහෙන්න හිතෙන් දුක් වෙනවා කියලා.... ඔයාටම වරද කියාගන්නවා කියලා..... ගණන් ගන්න එපා හලෝ. ඒක පොඩි වයර් ෂෝට් එකක්. දැන් මොළේ ආයෙමත් වැඩ.

ඉතිං එහෙනම් මොනාද පතන්න ඕනි 29 වෙනි අවුරුද්දට....

මම දන්නවා ඔයා අද ඉන්න තැනට ආවේ රෝස පෙති උඩින් නෙමෙයි කියලා. ඒ අඳුරු මතක හැම එකක්ම නපුරු හීනයක් වගේ හිතෙන් අමතක වෙලා යන්න කියලා පතනවා......
අදින් පස්සේ එන හැම ප්‍රශ්නෙකටම එදාට වඩා හොඳට මුහුණ දෙන්න හිතට සවිය ලැබේවා කියලත් පතනවා......
ඒ වගේම හිතේ සැනසිල්ලයි සතුටයි හැම මොහොතකම දෝරේ ගලාගෙන යන්න කියලත් පතනවා.........

ඔක්කොමත් හරි. මේ අවුරුද්දෙවත් අර කෙල්ලත් එක්ක මරාගන්න එක නැවතිලා අපිට වෙඩින් බෙල්ස් වල හඬ අහන්න ලැබේවා කියලා පතනවා.............

තවත් නම් කියන්න කිසිම දෙයක් මතක් මතක් වෙන්නේ නෑ බං. කොහොම වුනත් අන්තිමේදී අපි දෙන්නගේ සුපුරුදු භාෂාවෙන් සුබ පතනවා නම්,

" අඩෝ Happy Birth Day ! "




වෙලාව 12.00 යි ඔන්න.