Sunday, October 7, 2018

වෙනස !



මගේ ජීවිතේට මටම හිතාගන්න බැරි තරම් පුදුමයි සමහර වෙලාවට. කතාවක් වගේ... මෙගා ටෙලිනාට්‍යයක් වගේ.... එහෙමත් නැත්නම් ෆිල්ම් එකක් වගේ....

සමහර වෙලාවට එකිනෙක හරහා ගියත් ගොඩක් වෙලාවට මගේ පෞද්ගලික ජීවිතයත් අධ්‍යාපනික ජීවිතයත් රැකියා ජීවිතයත් ගලාගෙන යන්නේ එකිනෙකට හුදකලාව.. එක දෙයක් ඉදිරියට එද්දී අනිත් දෙක අනිවාර්යයෙන්ම ලොකු කැප කිරීමක් කරනවා.... මං හිතන්නේ මේ තුන බැලන්ස් කරනවා කියන්නේ මට කරන්න අමාරු වැඩක් නෙමෙයි, බැරි වැඩක්.

අවුරුදු 9, අවුරුදු 19, අවුරුදු 29 කියන්නේ මගේ ජිවිතේ කඩඉම් ලක්ෂ්‍යයන්.

මගේ චුටි මාමා නැතිවෙලා පෞද්ගලික ජිවිතේ පළවෙනි වතාවට වෙනස් වෙන්නේ මට අවුරුදු නමයේදී. එතකොට එයාට 27 යි. මට 09 යි.

මම උසස් පෙළ ලියලා පළමු වරම සරසවි වරම් අරගන්නේ මට අවුරුදු දහනමයේදී. එතකොට මගේ අධ්‍යාපනික ජිවිතේ පළවෙනි වතාවට ලොකු වෙනසක් වෙන්නේ මට 19 දි.

ඉන්පස්සේ රැකියා කීපයක් කරලා මම ආදරේ කරන රස්සාවට ඇවිත් මගේ උපරිමය මම පෙන්නන්නේ අවුරුදු විසි නමයේදී. ඒ කියන්නේ මගේ රැකියා ජිවිතේ පළවෙනි වතාවට ලොකු වෙනසක් වෙන්නේ මට 29 දි.

මේ දේවල් සිද්ධ වෙන පිළිවෙල ගැන මට අදහසක් නැහැ. ඒත් ඒ දේවල් සිද්ධ වෙන හැටියට මම ආසයි.

ඒවා ඒ විදියට වුනාට 39 දි.. 49 දි... 59 දි.... ආයේ ආයේ එහෙම වෙනස්කම් සිද්ධ වේවි කියල මම හිතන්නෙත් නැහැ. නොහිතන්නෙත් නැහැ.

ඒත් ඒ විදියට මම ආසයි.

මට සිද්ධ වෙන දේවල් වලින් වගේම මම ඒවට දක්වන ප්‍රතිචාර වලින් මාවම පුදුම වෙනවා දකින්න මම ආසයි.

06 - 10 - 2018




3 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete
  2. අහම්බෙන් මේ බ්ලොග් එක හම්බුවුනේ. මගේ ආසම ගීතයක් වෙන එක් පෙති මලක් ගීතයේ තේරුම හොයන්න සර්ච් කරලා. ගොඩක් පොස්ට්ස් කියෙව්වා. ගොඩක් රස වින්ඳා. කරුණාකර නැවත ලියන්න. මාතලන්ගේ සින්ඩිය වගේ සින්ඩි වලට ඇඩ් කරන්න. my blog lankanian.blogspot.com

    ReplyDelete