Wednesday, September 9, 2015

අබිනික්මනට පෙර...



අම්මා 
මාව හැදුවේ 
විශාකාවගේ පරපුරේ 
විදියට බව 
මම දන්නවා.....

ඒ වුණත්
මම හැදුනේ 
යශෝධරා පරපුරේ 
විදියටනේ........

ඉතිං
ආයෙමත් වතාවක් 
ගොඩාක් ආදරෙන් 
අහන්නේ....

කසාවතකට 
මට 
තාමත් 
පිං මදි ද 
අම්මා....................


No comments:

Post a Comment